දේශීය ආයුර්වේද වෛද්‍ය සේවයට වෛද්‍යවරුන් වැඩිම පිරිසක් බඳවා ගැනීමට යයි

දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සවිබල ගන්වමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ද ඇතුළුව උපාධිධාරීන් 303 ක් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය වෙත බඳවා ගැනීමේ නව පත්වීම ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  නොවැම්බර් මස 03 වන දින පෙ.ව. 9.00 ට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේ (නිල මැදුර) දී  සිදු කෙරේ. 

Continue Reading

රජයේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවළියට සාධාරණ සමාජයෙන් පැසසුම්

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා රජය ගනිමින් සිටින පියවරයන් අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, මහලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් අවධාරණය කරයි.

Continue Reading

තරුණයෝ පෙරමුණ ගත් ඇමරිකාවේ කඨින පින්කම

ඇට්ලන්ටා ජෝර්ජියා බෞද්ධ මහා විහාරාධිපති උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පනම්වෙල වජිරබුද්ධි නා හිමි අනුශාසනා පරිදි විහාරාධිකාරී පනම්වෙල වජිරබෝධි හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙවර වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

Continue Reading

අවුරුදු 20ක කාලයක් දූරයේ හිටපු කෙනෙක් වැඩ කරන්න තව කාලයක් ඉල්ලන්නේ මෙච්චර කල් වැඩ කරල නෑ කියන එකයි – මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ

දශක දෙකකට පසු මෙවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයේ වෙනසක් සිදුවන බව  පස්ගම නාථ දේවාලයේ සහ මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා පවසයි.

Continue Reading

රාජ්‍ය ඔසුසලක් මඩකලපුවට  

ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරිව  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC)  රාජ්‍ය ඔසුසල – මඩකලපුව  ශාඛාව එළඹෙන ඔක්තෝබර් 31 දින ජනතාව වෙනුවෙන් විවෘත කෙරේ.

Continue Reading

දුස් තොරතුරු පතුරවමින් හා චේතනාන්විතව මගහැරීම් කරමින් අනාථ කර ඇති රටේ ප්‍රජාතන්ත්‍රවාදය – සුනිල් ජයසේකර

සෑම පළාතකටම අදාළව පළාත් සභා ස්ථාපිත කරමින්  මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට හැකි වන පරිදි වරින් වර මැතිවරණ පැවැත්වීම අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබේ. අතීතයේ අවස්ථා ගණනාවක් සැලකිල්ලට ගතහොත් බිහිසුණු යුද ගැටුම් මැද හා වෙනත් ආකාරයේ අතිශය දුෂ්කර වාතාවරණයන් තුළ පවා ශ්‍රී ලංකාව තුළ පළාත් සභා මැතිවරණ පවත්වා තිබේ.

Continue Reading

ජනාධිපති අපනයන සම්මාන උළෙල ‌දෙසැම්බර් 11 වනදා BMICH හිදී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 දෙසැම්බර් මස 11 වැනි දා (බ්‍රහස්පතින්දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

Continue Reading

2026 වසරේ 1 ශ්‍රේණියට සහ 6 ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ විෂය නිර්දේශ වෙනස් වෙන්නේ කොහොම ද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලිපියක් මේ වන විට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබේ.

Continue Reading

අධිවේගී මාර්ගවල වාහනවල ගමන් ගන්නා මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමට යයි

අධිවේගී මාර්ගවල සිදු වන රථවාහන අනතුරු දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මරණ සහ බරපතල තුවාල සිදුවීම් අවම කිරීම පිණිස අංක 2455/29 හා 2025‑09‑25 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ සාදන ලද 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරනු ලැබ ඇත.

Continue Reading

විදේස්ගත ශ්‍රමිකයින්ටවිශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ලබාදෙන්න දැනටමත් මැදිහත්වීමක් කරනවා – අමාත්‍ය විජිත හේරත්

විදෙස්ගත ශ්‍රි ලාංකිකයින්ට විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ලබාදෙන්න අපි දැනටමත් මැදිහත්වීමක් කරනවා. දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය සාර්ථක ක්‍රමයක් නෙවෙයි. වැඩි මුදලක් විශ්‍රාම වැටුපක් විදිහට ගන්න පුළුවන් ක්‍රමයක් අපි ආරම්භ කරනවා. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ තියෙන අරමුදල් භාවිතා කරලා විදෙස් ගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා අවශ්‍ය නෛතික ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න පියවර ගන්නවා.” යනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක …

Continue Reading