අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන රජය හා ගුරු වෘත්තීය සමිති අතර එකඟතාවයක්  

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක අවශ්‍යතාව පිළිගන්නවා – ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී රජය සමඟ එක්ව කටයුතු කරන්න – ජනපති

Continue Reading

ඊශ්‍රායල් ප්‍රායෝගික පරීක්ෂණ නියෝජ්‍ය ඇමතිගේ නිරීක්ෂණයට

ඊශ්‍රායලයේ ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදුකරන අවසන් ප්‍රායෝගික පරීක්ෂණ ජනවාරි මස 05 දින මොරටුව, කටුබැද්ද NAITA ආයතනයේදී  ආරම්භ වූ අතර, සිව් දිනක් පුරා පැවති පරීක්ෂණවල අවසන් දිනය වූ(2026.01.08)  දින පරීක්ෂණ කටයුතු සිදුකරන අයුරු විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් නිරීක්ෂණය කරන ලදී.

Continue Reading

හරිණි, සමලිංගිකත්වය, රනිල් සහ චන්ද්‍රිකා 

මේ සටහන ලියන්න හිටියේ ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීමේ තීන්දුව ගන්න කාලෙකට කලින්. අනික මේක කෙලින්ම අධ්‍යාපනයට සම්බන්ධ කතාවකුත් නෙවෙයි. ඒ නිසා මේක දැනුත් වලංගුයි. කසාවත් ඇඳගත්ත අන්තවාදී සහ පසුගාමී පුරුෂයින් පිරිසකගේ හෝ පාදිලිවරුන් ගේ හඬට බයවෙලා ප්‍රතිපත්ති වෙනස් කිරීම ගැන මම විරුද්ධ වුණත් සමාජය තුළ කිසිම සංවාදයකින් තොරව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරපු රනිල් ගෙනාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ – ගොඩක් ප්‍රමාද …

Continue Reading

රතු කුරුසයෙන් කොළඹ ළිං පිරිසිඳු කරයි

පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාවෙන් හටගත්  ගංවතුර නිසා ජල දූෂණයට සහ අපිරිසිදුතාවයට පත් වූ කොළඹ දිස්ත්‍රික්කයේ පානීය ජල ලිං 2150 පිරිසුදු කරදීමේ  ව්‍යාපෘතියක්  ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ කොළඹ ශාඛාව ක්‍රියාත්මක කරයි.

Continue Reading

Sri Lanka Expo 2026 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකාවේ අපනයන හැකියාවන් සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “Sri Lanka Expo 2026″ නමින් ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් දියත් කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අද ( ජනවාරි 9 ) නිල වශයෙන් දැනුම් දෙන ලදී. ප්‍රදර්ශනයට අදාළ නිල වෙබ් අඩවිය වන www.srilankaexpo.lk දියත් කිරීමද මෙහිදී සිදු කළ අතර දේශීය ප්‍රදර්ශකයින් සහ විදේශීය ගැනුම්කරුවන්ට අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමට පහසුකම් සලසා ඇත.

Continue Reading

බුද්ධිමත් ව්‍යවසායකයින් පවා නිරන්තරයෙන් කරන ඉහළම වැරදි 5 කුමක්දැයි ඔබ දැන සිටියාද ?

වඩාත්ම පළපුරුදු ව්‍යවසායකයින් පවා මෙම උගුල්වලට හසු වේ. ඒ ඔවුන් බුද්ධිමත් නොවන නිසා නොව, බුද්ධිය පමණක් ඔබව එකම මිල අධික වැරදි කිරීමෙන් බේරා නොගන්නා බැවිනි.

Continue Reading

අවම පොළිය 5%ක් වූ රුපියල් බිලියන 95ක් කර්මාන්තකරණයට විවෘත කරයි – සියලු විස්තර මෙන්න

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට 5%ක් වැනි අවම පොළියට රුපියල් බිලියන 95ක් කර්මාන්තකරණයට විවෘත කර තිබෙන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

Continue Reading

වගවීම අවශ්‍යයි, පෞද්ගලික ප්‍රහාර නොවේ – ලයනල් බෝපගේ

ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව ආරක්ෂා කිරීම – පෙළ පොතක දෝෂයක් දේශපාලන යුද බිමක් බවට පත් කිරීම 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතක තිබුන එක් වැරැද්දක් ශ්‍රී ලංකාවේ දැවැන්ත ගිනි කුණාටුවක් ඇති කර තිබේ. සෘජු තත්ත්ව පාලන ගැට‍ළුවක් විය යුතුව තිබූ කරුණක් ඒ වෙනුවට පූර්ණ දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇත. මෙය වගවීම, ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව සහ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අනාගතය පිළිබඳ හදිසි ප්‍රශ්න මතු කර …

Continue Reading

විනය විරෝධී නිලධාරින් රකින නිසා වර්ජනයකට සූදානම් – රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන්ගේ සංගමය

විනය විරෝධී සහ විෂමචාරී ලෙස කටයුතු කරන මාලිගාවත්ත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට (රා. ආ.) එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යවමින් අවධාරණය කර ඇත.

Continue Reading

ට්‍රම්ප්ගේ වෙනිසියුලා ආක්‍රමණය, කියුබානු සහ තවත් ආක්‍රමණ තර්ජන හමුවේ චීනය සහ රුසියාව – සුනන්ද දේශප්‍රිය

ඇමෙරිකානු ජනාධිපති නියෝගයෙන් ඇමෙරිකානු හමුදා වෙනිසියුලාවට බෝම්බ දමා නීති විරෝධීව ගොඩ බැස එරට ජනාධිපති නිකලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරෙස්  පැහැර ගැනීම, එරට ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට හෝ මත් ද්‍රව්‍ය කාටල විනාශ කිරීමට කරන ලද සත් ව්‍යායාමයක් යැයි අද පිළිගන්නා කෙනෙක් දැන් සොයා ගැනීමට අමාරුය.

Continue Reading