ඊශ්‍රායල් ප්‍රායෝගික පරීක්ෂණ නියෝජ්‍ය ඇමතිගේ නිරීක්ෂණයට
ඊශ්‍රායලයේ ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදුකරන අවසන් ප්‍රායෝගික පරීක්ෂණ ජනවාරි මස 05 දින මොරටුව, කටුබැද්ද NAITA ආයතනයේදී ආරම්භ වූ අතර, සිව් දිනක් පුරා පැවති පරීක්ෂණවල අවසන් දිනය වූ(2026.01.08) දින පරීක්ෂණ කටයුතු සිදුකරන අයුරු විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් නිරීක්ෂණය කරන ලදී.
Continue Reading
Sri Lanka Expo 2026 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ
ශ්‍රී ලංකාවේ අපනයන හැකියාවන් සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “Sri Lanka Expo 2026″ නමින් ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් දියත් කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අද ( ජනවාරි 9 ) නිල වශයෙන් දැනුම් දෙන ලදී. ප්‍රදර්ශනයට අදාළ නිල වෙබ් අඩවිය වන www.srilankaexpo.lk දියත් කිරීමද මෙහිදී සිදු කළ අතර දේශීය ප්‍රදර්ශකයින් සහ විදේශීය ගැනුම්කරුවන්ට අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමට පහසුකම් සලසා ඇත.
Continue Reading
බුද්ධිමත් ව්‍යවසායකයින් පවා නිරන්තරයෙන් කරන ඉහළම වැරදි 5 කුමක්දැයි ඔබ දැන සිටියාද ?
වඩාත්ම පළපුරුදු ව්‍යවසායකයින් පවා මෙම උගුල්වලට හසු වේ. ඒ ඔවුන් බුද්ධිමත් නොවන නිසා නොව, බුද්ධිය පමණක් ඔබව එකම මිල අධික වැරදි කිරීමෙන් බේරා නොගන්නා බැවිනි.
Continue Reading
අවම පොළිය 5%ක් වූ රුපියල් බිලියන 95ක් කර්මාන්තකරණයට විවෘත කරයි – සියලු විස්තර මෙන්න
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට 5%ක් වැනි අවම පොළියට රුපියල් බිලියන 95ක් කර්මාන්තකරණයට විවෘත කර තිබෙන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
Continue Reading
රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා යොදාගෙන දැවැන්ත විදේශ රැකියා වංචාවක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය මගින් 2026 නව වසරේ මුල් සතිය තුළදී ක්‍රියාත්මක කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස විදේශ රැකියා වංචාකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading
ජාත්‍යන්තර වෙළඳපොළ සාර්ථක වීමට අවශ්‍ය දැනුම හා සබඳතා පිළිබඳ ව්‍යවසායකයන් සවිබල ගන්වයි
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් නව හා අනාගත අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපොළ සාර්ථක වීමට අවශ්‍ය දැනුම හා සබඳතා ලබා දීම අරමුණු කරගනිමින් ජාලකරණ සැසියක් (Networking Session) පසුගියදා කොළඹ පිහිටි එම ආයතනයේ දී පවත්වන ලදී.
Continue Reading
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ නව සභාපතිවරයා ජොන්සන් ඇන්තනී ප්‍රනාන්දු
දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ කලාපයේ ජ්‍යෙෂ්ඨ නායකත්ව අත්දැකීම් ඇති දෙස් විදෙස් කීර්තිමත් ව්‍යාපාරිකයකු වන ජොන්සන් ඇන්තනී ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ (ICC – Sri Lanka ) සභාපති පසුගියදා (11) තේරී පත්විය.
Continue Reading
රැකියා සඳහා විදෙස් ගතවූ ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවයි
2025 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, (2025.12.19) දින වන විට එම ප්‍රමාණය 300,191 ක් වේ.
Continue Reading
ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලුම් අංශයේ තිරසාර ව්‍යාපාර ශක්තිමත් කිරීමට විධිමත් වැඩපිළිවෙලක්
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ප්‍රධාන ජාත්‍යන්තර හවුල්කරුවන් මෙරට රෙදිපිළි හා ඇඟලුම් අංශය තුළ තිරසාර භාවිතයන් ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන වැඩසටහනක් පසුගියදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්විණි.
Continue Reading
ශ්‍රී ලංකාවේ මෙතෙක් විශාලතම (B2B) ප්‍රදර්ශන මණ්ඩපය 2026 ඩුබායි Gulfood ජාත්‍යන්තර ප්‍රදර්ශනයට
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026 ජනවාරි 26-30 දිනයන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වීමට නියමිත Gulfood ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේදී ලංකාවෙන් ප්‍රදර්ශනය කරන මෙතෙක් විශාලතම (B2B) ප්‍රදර්ශන මණ්ඩපය සංවිධානය කිරීමට සූදානමින් සිටී.
Continue Reading