ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සඳහා EDB සහ SLIM අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) අතර ප්‍රමුඛ ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන වේදිකාවක් වන ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සංවිධානය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා අත්සන් කරන ලදී.
Continue Reading
රාජ්‍ය ඔසුසලක් මඩකලපුවට
-
Editor
-
October 31, 2025
-
ආයෝජන, ව්‍යාපාරික පුවත්
-
spc
-
0 Comments
ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරිව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) රාජ්‍ය ඔසුසල – මඩකලපුව ශාඛාව එළඹෙන ඔක්තෝබර් 31 දින ජනතාව වෙනුවෙන් විවෘත කෙරේ.
Continue Reading
ජනාධිපති අපනයන සම්මාන උළෙල දෙසැම්බර් 11 වනදා BMICH හිදී
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 දෙසැම්බර් මස 11 වැනි දා (බ්‍රහස්පතින්දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
Continue Reading
මිලියන තුනක සංචාරක ඉලක්කය සිහිනයක් ද? – සේන සූරියප්පෙරුම
-
Editor
-
October 27, 2025
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
සංචාරක කර්මාන්තයට ශ්‍රී ලංකා රජය සෘජුවම සහභාගී නොවූව ද සංචාරක කර්මාන්තයෙන් බදු එකතු කිරීම, අධීක්ෂණය සහ නියාමනය සිදුවන්නේ සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කිහිපයක් ඔස්සේ ය.
Continue Reading
කොරියානු භාෂා පරීක්ෂණයට නවීන විභාග මධ්‍යස්ථානයක්
දකුණු කොරියාවේ රැකියා සදහා අවශ්‍ය භාෂා ප්‍රවිනතාවය උදෙසා, ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරමින් පවත්වන විභාග සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානය (Korean Language Examination Center Ubiquitous-based Test (UBT) ) අද දින (10/22) විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්, 553/1, නව නුවර පාර, තලාහේන (සම්පත් බැංකුව අසල) යන ස්ථානයේදී විවෘත කරන ලදී.
Continue Reading
ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 තුන්වන කාර්තුව වන විට ඩොලර් බිලියන 13 කට ආසන්න ආදායමක්
ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ ස්ථාවරත්වය සහ ක්‍රමවත් වර්ධනයක් දිගටම පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 12,986.52ක සමස්ත ආදායමක් වාර්තා කරන ලදී. මෙය 2024 අදාල කාලය හා සසඳන විට 7% වැඩිවීමකි.
Continue Reading
ක්‍රීඩා සංචාරකයන් ඇදගන්න රජයෙන් ක්‍රමෝපායික සැලැස්මක්
ක්‍රීඩා සංචාරකත්වය දියුණු කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය විජිත හේරත් මහතා අද (16) උපදෙස් දුන්නේ ය. ඒ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා සම්මේලන කිහිපයක නියෝජිතයන් ඇතුළු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ දී පැවැති විශේෂ රැස්වීමක දී ය.
Continue Reading
“VOYAGE SRI LANKA 2025” සමුද්‍රීය සමුළුව කොළඹදී සාර්ථකව අවසන් කරයි
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් දෙවන වරට පවත්වනු ලබන සමුද්‍රීය සමුළුව “VOYAGE SRI LANKA 2025”, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ සහභාගිත්වයෙන් 2025 ඔක්තෝබර් 16 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී.
Continue Reading
ජපානයේ සවරා ලංකාජී විහාරයේ කඨින පුණ්‍ය මහෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත් වේ
හතළිස් දෙවැනි වරටත් සංවිධානය කරන ලද ජපානයේ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වූ සවරා ලංකාජී විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය පසුගියදා, ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත් වුණි.
Continue Reading
දකුණු කොරියාවේ රැකියා සඳහා ගිය පිරිස 3000 ඉක්මවයි
මේ වසරේ ඔක්තෝම්බර් මාසය අවසානය වන විට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය 3000 ඉක්මවන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
Continue Reading