බුද්ධිමත් ව්‍යවසායකයින් පවා නිරන්තරයෙන් කරන ඉහළම වැරදි 5 කුමක්දැයි ඔබ දැන සිටියාද ?

වඩාත්ම පළපුරුදු ව්‍යවසායකයින් පවා මෙම උගුල්වලට හසු වේ. ඒ ඔවුන් බුද්ධිමත් නොවන නිසා නොව, බුද්ධිය පමණක් ඔබව එකම මිල අධික වැරදි කිරීමෙන් බේරා නොගන්නා බැවිනි.

Continue Reading

උන්මත්තක ට්‍රම්ප් ගේ වෙනිසියුලානු ආක්‍රමණය සහ වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය

පුලිට්සර් සෙන්ටර් එකට අනුබද්ධ Ocean Reporting Network සංවිධානයෙ අනුග්‍රහයෙන් එක්සත් ජාතීන්ගෙ සාගර සමුළුවට සහභාගි වෙන්න ගිය අවුරුද්දෙ ප්‍රංශයෙ නීස් නගරයට ගිය වෙලාවෙ වෙනිසියුලාවෙ මාධ්‍යවේදිනියො දෙන්නෙක් මට හමුවුණා. ඒ දෙන්නම ජාත්‍යන්තර සම්මාන දිනපු, ඉතාමත් දක්ෂ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්.

Continue Reading

ස්වභාවික ව්‍යසන, දේශගුණ විපර්යාසයන්ට ඍජුව වගකිව යුත්තේ බටහිර රටවල් වුණත් ඔවුන් ඒ ගැන කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. – හිටපු කතානායක කරු ජයසූරිය

“මම මුලින් සඳහන් කළ ආකාරයට මේ ආකාරයේ ස්වභාවික ව්‍යසන සිදුවීමට සහ එහි විනාශකාරී බව ඉහළ යාමට දේශගුණ විපර්යාස ඍජුව දායක වී තිබෙනවා. මේවට වගකිව යුත්තේ බටහිර රටවල් වුණත් ඔවුන් ඒ ගැන කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. අනෙක් අතින් අපි අපේ පරිසරය, වනාන්තර, ජල පෝෂක ආදි ස්වභාවික පරිසරයේ සමතුලිතතාවය විනාශ කිරීමත් ප්‍රධාන හේතුවක්.“

Continue Reading

බානගල නා හිමි 76 වන ජන්ම දිනය සැමරේ

ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, දඹදිව සාංචි චේතියගිරි විහාරය, බානගල උපතිස්ස පිරිවෙන, සපුගස්කන්ද අබේසේකරාරාමය සහ මාලිගා කන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරය යන සිව් මහා විහාරයන් හි විහාරාධිපති අතිපූජ්‍ය බානගල  උපතිස්ස නා හිමියන්ගේ හැත්තෑ හයවන ජන්ම දින සමරුව අදට (05) යෙදී ඇත.

Continue Reading

ලාංකේය ගීත කෝකිලාවිය සහ මගේ අත්දැකීම් කිහිපයක් – ලයනල් බෝපගේ

“ලාංකේය ගීත කෝකිලාවිය”, ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අභාවය ලාංකීය සංගීත ලෝකයේ පිරවිය නොහැකි රික්තයක් නිර්මාණය කර තිබේ. ඇය ශ්‍රී ලාංකේය ගායන සංස්කෘතියට දායාද කළ අසීමිත නිර්මාණ සමුදාය අපගේ සංස්කෘතික උරුමයක් ලෙස පවතිනු ඇත. පරම්පරා ගණනාවක් පුරා හදවත් දිනා ගත් ඇයගේ මධුර ස්වරය සහ ගායන හැකියාව ලාංකීය සංගීතයේ මිණුම් ලකුණක් සලකුණු කලේය.

Continue Reading

විදුලියෙන් ජීවිත දල්වන රාජාංගණේ සමරනායක – අසේල කුරුළුවංශ

විශ්වවිද්‍යාලයක් කියන්නේ උගතුන්ගේ තෝතැන්නක්. එහෙම නැත්නම් විධිමත් අධ්‍යාපන ක්‍රියාවලිය කියන ඉණිමග දිගේ ඉහළටම නැත්නම් සැලකිය යුතු දුරක් ගිය පිරිසක් ඉන්න තැනක්. ගංවතුරින් විශ්වවිද්‍යාලයට වෙලා තිබුණු හානි නැවත යථා තත්ත්වයට පත් කරගෙන තනියම නැගී සිටින්න මේ අයට විතරක් පුළුවන් කමක් නැහැ. ඒ සඳහා හැමෝගෙම සහය අවශ්‍යයයි. හානියේ තරම ඒ තරම්ම විශාලයි. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ජලයෙන් යටවුණු ගොඩනැගිලිවල විදුලි පද්ධතියට ලොකු හානියක් …

Continue Reading

ශ්‍රී ලංකාවේ අනාගත මැතිවරණකදී මිනිසා තුළ පවත්නා ආවේනික බය අවියක් සේ හැසිරවීමේ නවතම භාවිතාව

කෘතීම බුද්ධිය පාදක දුස්තොරතුරු ශ්‍රී ලංකාවේ අනාගත මැතිවරණ ක්‍රියාවලිය වෙත කළහැකි බලපෑම පිළිබඳ කෙටි විග්‍රහයක් ”Enemy of the State” යනු වසර  1998 දී නිෂ්පාදනය වූ කදිම චිත්‍රපටයකි. මේ එහි එන ප්‍රකට දෙබසක්. ‘The only privacy left is inside of your head’ මෙහි වරනගන අදහස් ගොන්නක් තිබෙනවා. ප්‍රමුඛතම අදහස තමයි දැනට ලෝකයේ විවිධ අයුරින් ප්‍රතිෂ්ඨාපිත ආවේක්ෂණ (surveillance) ක්‍රමවේද නිසා අපි අනාරක්ෂිත …

Continue Reading

මාධ්‍ය වාර්තා නිසා පෞද්ගලිකව මම ගොඩක් පීඩා විඳලා තියෙනවා – සකුණි මයාදුන්නේ

පොලීසිය අපිව අත්අඩංගුවට ගන්නේ හේතුවක් නැතුවයි. ජීප් එකේ යනකොට අපිව දැක්කොත් වෙලාවකට පොලීසියේ මහත්තුරු නොදැක්කා වගේ යනවා. ඒ වගේමයි හිටපු ඇඟට කඩා පැනලා අරන් ගිහින් කූඩුවට දානවා. සමහර වෙලාවට පොලීසියේ මහත්තුරු සතුටු කරන්න වෙනවා. තවත් වෙලාවට  රෑ එළිවෙනකල් කූඩුවේ තියන් ඉඳලා උදේ එළියට දානවා. පාදට ආඥා පනතෙන් උසාවියට ඉදිරිපත් කළොත් රුපියල් 50 ක දඩයක් ගහනවා. මෙයාව ඇයි ගෙනාවේ කියලා විනිසුරුවරු …

Continue Reading

සමාජයේ අඳුරු සෙවනැල්ලේ ජීවිතය සොයන ඔවුන්ගේ ලෝකයට ආලෝකයක් වෙමු

ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සඳහා මාධ්‍ය ප්‍රතිපත්තිය එලිදැක්වීම. 2025 දෙසැම්බර් 14 වැනිදා කටුනායකදී – ශ්‍රී ලාංකික ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සම්පාදනය කළ මාධ්‍ය ප්‍රතිපත්තිය ජනමාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාධරයන් වෙත පිළිගැන්වීමේ වැඩසටහන පිළිබඳව සමාජයේ බොහෝ පිරිසකගේ අවධානයට මෙන්ම පැසසුමට යොමුවිය. මෙම වැඩසටහනේ මූලික  අරමුණු වූයේ සමාජයේ අඳුරු සෙවණැල්ලේ සැඟවෙන, නමුත් සම්පූර්ණ ශ්‍රී ලාංකික ප්‍රජාවේම කොටසක් වන මෙම ලිංගික ශ්‍රමිකයන් මුහුණපාන ලිංගික ජාවාරම, …

Continue Reading

සාංචි මහාබෝධි මහෝත්සවයට රටවල් රැසකින් බෞද්ධයෝ පැමිණෙති

ඉංදියාවේ සාංචි වාර්ෂික සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතු වන්දනා ප්‍රදර්ශනය සහ ඒ වෙනුවෙන් මධ්‍ය ප්‍රදේශ් රජය  සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කරන “සාංචි මහාබෝධි මහෝත්සවය” 73 වන වරටත් මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පසුගිය දා (29/30) පැවැත්වුණි.

Continue Reading