සාංචි මහාබෝධි මහෝත්සවයට රටවල් රැසකින් බෞද්ධයෝ පැමිණෙති
ඉංදියාවේ සාංචි වාර්ෂික සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතු වන්දනා ප්‍රදර්ශනය සහ ඒ වෙනුවෙන් මධ්‍ය ප්‍රදේශ් රජය සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කරන “සාංචි මහාබෝධි මහෝත්සවය” 73 වන වරටත් මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.
Continue Reading
පළාත් සභා ක්‍රමයේ ආරම්භය, විකාශනය හා අද තත්ත්වය – සුජීව සෙනරත්
උතුරු නැගෙනහිර දෙමළ කැරළිකරුවන් විසින් වෙනම රාජ්‍යයක් සඳහා ආරම්භ කරන ලද සන්නද්ධ අරගලය නිමා කිරීම සඳහා 1987 වසරේ ජූලි 29 වැනිදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සහ රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම මගින් පළාත් සභා ක්‍රමයට මඟ පැදීමට හේතු විය. ඒ අනුව 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, බලය විමධ්‍යගත කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස …
Continue Reading
අන්ධ පක්ෂපාතිත්වය ජාතිය ගොඩනැගීමට සහ සෞභාග්‍යයට බාධාවක් වනු ඇත – ලයනල් බෝපගේ
-
Editor
-
November 24, 2025
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
එක්තරා අනුකූලතාවක් සහ අන්තර්ග්‍රාහීව කටයුතු කිරීම ඉතා ප්‍රයෝජනවත් වනු ඇත ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා වසර 36 කට පෙර නොවැම්බර් 13 වන දින අත්අඩංගුවට ගෙන ඝාතනය කරන ලදී. 1989 දී ඔහුව අතුරුදහන් කිරීම සනිටුහන් කලේ රාජ්‍යය, එයට අනුබද්ධ වූ කණ්ඩායම් සහ ජවිපෙ මත් සම්බන්ධ වුනු සීමාන්තික දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන් සමන්විත වූ කාල පරිච්ඡේදයක; ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ලේ …
Continue Reading
COP 30 හරහා තව දුරටත් මතුවන දේශගුණ උණුසුම – සුපුන් ළහිරු ප්‍රකාශ්
අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය මගින් නිකුත් කෙරුණු අවසන් තත්ත්ව වාර්තාව මගින්ද අවධාරණය කෙරුණේ 2022 වසරේදී ය.
Continue Reading
ජනාධිපතිවරයාගේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණ අයවැය යෝජනා යථාර්තවාදී ද???
-
Editor
-
November 12, 2025
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 07 දින පස්වරුවේ 2026 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී ශ්‍රී ලංකාවේ දැනට බලපවත්නා ඉතා බරපතලම සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන ගැටළුවක් බවට පත්ව ඇති අලි-මිනිස් ගැටුම අවම කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්කළ අයවැය යෝජනා පිළිබඳව විමසා බැලීම වැදගත් වන්නේ අප රටේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට හතළිහක පමණ ජීවත්වන ජනතාව මෙන්ම …
Continue Reading
අයුක්තියට එරෙහි වූ සංඝ සේනාපති
-
Editor
-
November 8, 2025
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමියන් අපවත් වී මෙම නොවැම්බර් 09 වැනි දිනට වසර 10ක් සම්පූර්ණ වේ. ඒ ගෙවුණ දශකය පුරා ලාංකේය සමාජය තුළ බලවත් රික්තයක් දැකගත හැකි විය. ඒ අප රටට අප සමාජයට මඟපෙන්වීමට දැවැන්ත වීර චරිතයක් මතු නොවීම නිසා දක්නට ලැබුණ අඩුවයි. එම දැවැන්ත අඩුව පුරවාලීමට රටක් ලෙස අප සමත් නොවන තාක් කල් ලාංකේය සමාජයේ හෙට දවස ගැන සතුටක්, …
Continue Reading
දුස් තොරතුරු පතුරවමින් හා චේතනාන්විතව මගහැරීම් කරමින් අනාථ කර ඇති රටේ ප්‍රජාතන්ත්‍රවාදය – සුනිල් ජයසේකර
සෑම පළාතකටම අදාළව පළාත් සභා ස්ථාපිත කරමින් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට හැකි වන පරිදි වරින් වර මැතිවරණ පැවැත්වීම අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබේ. අතීතයේ අවස්ථා ගණනාවක් සැලකිල්ලට ගතහොත් බිහිසුණු යුද ගැටුම් මැද හා වෙනත් ආකාරයේ අතිශය දුෂ්කර වාතාවරණයන් තුළ පවා ශ්‍රී ලංකාව තුළ පළාත් සභා මැතිවරණ පවත්වා තිබේ.
Continue Reading
දඹදිව සාංචි චේතියගිරි විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පවත්වයි
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි දඹදිව සාංචි චේතියගිරි විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා (25/26) දෙදින තුළදී පැවැත් වුණි.
Continue Reading
ඇතැම් ඇදහිලි සම්ප්‍රදායයන් සහ නවීන විද්‍යාව – ලයනල් බෝපගේ
ස්වයංභක්ෂක (autophagy – ඔටොෆජි) යාන්ත්‍රණ සොයා ගැනීම වෙනුවෙන් වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය 2016 දී ජපන් සෛල ජීව විද්‍යාඥ යොෂිනෝරි ඔසුමිට පිරිනමන ලදී. ඔහු ටෝකියෝ නුවර නවෝත්පාදන පර්යේෂණ ආයතනයේ විද්‍යා ආයතනයේ මහාචාර්යවරයෙකු වූයේය. වෛද්‍ය ක්ෂේත්‍රයේ කරන ලද මෙම සොයා ගැනීම, සෛලීය සංරචක වියෝජනය කර, ප්‍රතිචක්‍රීකරණය කිරීමට ශරීරය භාවිතා කරන සියුම් ආකාරයේ යාන්ත්‍රණ වලට අදාළ වෙයි. ස්වයංභක්ෂණය යනු සෛල බිඳ දැමීම …
Continue Reading
නිර්මාපිත බුද්ධියේ (Generative Artificial Intelligent) තර්ජනයන් හා අවස්ථාවන් හඳුනා නොගත්තොත් වෘත්තීය සමිතිත් ගමනක අවසානය සනිටුහන් කරනවා – ජයශ්‍රී ප්‍රියලාල්
Generative Artificial Intelligence පිළිබඳ ශ්‍රී ලාංකික සමාජයේ පවතින අවබෝධය පිළිබඳ ඔබගේ අදහස කුමක්ද? ChatGPt කියන දේ නූතනම පැත්තකට යොමුව තිබෙන්නේ. ChatGPT හඳුන්වාදීමට ප්‍රතම GPt කුමක්ද යන්න වටහා ගනිමු. Generative Pre-Trained Transformer කෙටියෙන් GPT ලෙස අර්ථ දැක්වෙනවා. නමුත්, Artificial Intelligence ( AI) තමයි මෙහි විකාශනයේ ආරම්භය.
Continue Reading