ශ්‍රී ලංකාව සඳහා ආගාමික ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තියක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය

මෙරට ප්‍රධාන අවධානය මෙතෙක් යොමු වූයේ ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීම කළමනාකරණය කිරීම සඳහා වුවද, වර්තමානයේ මෙරට ආර්ථිකයේ ඇතැම් අංශ සඳහා නිපුණතා සහිත, අර්ධ නිපුණතා සහිත සහ විශේෂඥ කුසලතා සහිත විදේශ ශ්‍රමිකයින් බඳවාගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් වේ.

Continue Reading

සමාජවාදී වියට්නාම් ජනරජයේ නිර්මාතෘ හෝ චි මිං 136 වන ජන්ම සමරුව කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පිහිටි පිළිරුව අසලදි

ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගිතාා සංගමය සංවිධානය කළ මෙම හෝ චි මිං 136වන ජන්ම සමරු උත්සවය ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපතිනි PHAN KIEU THU මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එහි දී මහජන පුස්තකාල පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති හෝ චි මිං ප්‍රතිමාවට ලංකාවේ වියට්නාම් තානාපතිනි PHAN KIEU THU මැතිණිය ප්‍රමුඛ වියට්නාම් තානාපති නිලධාරීහු ද ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගිතාා සංගමයේ ලේකම් එස්. සුදසිංහ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් …

Continue Reading

2030 දී ළමා පිළිකා රෝගීන්ගේ ජීවිත් කරවීම 60% දක්වා ඉහළ නැංවීමට ගෝලීය සෞඛ්‍ය නායකයින් ප්‍රතිඥා දෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේ සමාරම්භය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom Ghebreyesus මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සමාජික රටවල් 194 ක සෞඛ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (18) ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේ දී සිදුවිය.

Continue Reading

තාඩන පීඩනවලට ලක්වුණු රාජ්‍ය සේවකයින්ට හලාවත නඩු තීන්දුව ඉතාම වැදගත් එකක් – ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට ඉතාමත්ම වැදගත් වන වෙනත් සාධක කිහිපයක් තිබෙනවා. පසුගිය කාලයේ වාර්තාවක පළවූ ආකාරයට යම් නඩුකරයක් සම්බන්ධ පොලීසියේ විමර්ශනවල සිට මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික විමර්ශන සම්පූර්ණ කර, නීතිපති දෙපාර්තමේන්තුවෙන් මහාධිකරණයට යොමු කර අධි චෝදනා පත්‍ර ගොනුකරනවාද නැද්ද යන්න එතනදී තීරණය කර, නඩු විභාගය අවසන් කරන්න අවුරුදු 07 – 15 කාලයක් ගතවෙනවා. හලාවත මහාධිකරණයේ විභාග වූ නඩුව 2008 සිදු කළ පහර …

Continue Reading

යුද්ධය යනු කිසිදිනෙක අභිෂේක කළ යුත්තක් නොවේ – ශ්‍රී ලංකාභිමානී කරු ජයසූරිය

යුද්ධය යනු කිසිදිනෙක අභිෂේක කළ යුත්තක් නොවේ. මිනිසෙකු තවත් මිනිසෙකුගේ ලෙයින් තම ජයග්‍රහණය හෝ පරාජය සනිටුහන් කිරීම තරම් මෙලොව අන් අඥාණකමක් තවත් නැත. එහෙත්, දශක තුනක් තිස්සේ මව්බිමේ හදවත පලා දමමින්, ජාතික ධනයත්, තරුණ ජීවිතත් බිලිගත් මහා සාපයකට ශ්‍රී ලාංකිකයන් ලෙස අපට මුහුණ දීමට සිදු විය. අද ඒ අමිහිරි අතීතයට තිත තැබූ දිනයයි. ලෙයින් සහ කඳුළින් ලියවුණු ඒ ඉතිහාසය නිමා …

Continue Reading

‘දිට්වා’ ආපදා අභියෝගය ජයගත් බදුල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇගයීමට ලක් කෙරේ

2025 නොවැම්බර් අග භාගයේදී ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල කළ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ මහා ගංවතුර සහ නායයෑම් හමුවේ, රටේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට ලක් විය.

Continue Reading

අමාත්‍ය විජිත හේරත්, බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ හමුවී දෙපාර්ශවය අතර සබඳතා ශක්තිමත් කරයි

​විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා බෙලරුස් රාජ්‍යයේ සිදු කළ නිල සංචාරය අතරතුර එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ මහතා හමුවිය. ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 25ක් සපිරෙන මෙම අවස්ථාවේදී, දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශවයම මෙහිදී සිය කැපවීම යළි තහවුරු කළහ.

Continue Reading

ලෝක සෞඛ්‍ය සමුළුවට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමක් ජිනීවා යයි

ස්විස්ටන්ලන්තයේ ජිනීවා හී දී හෙට (16) ආරම්භ වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුට සහභාගීවීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපීය සමුළුවේ සභාපති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නායකත්වයෙන් යුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද (15) ජිනීවා බලා පිටත්ව යාමට නියමිතය.

Continue Reading

අමාත්‍ය විජිත හේරත් බෙලරුස් රාජ්‍ය සමග ගිවිසුම් දෙකක් අත්සන් කරයි

​බෙලරුස් ජනරජයේ නිල සංචාරයක නිරත වන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, මින්ස්ක් නුවරදී බෙලරුස් විදේශ කටයුතු අමාත්‍ය මැක්සිම් රිෂෙන්කොව් මහතා සහ එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන ලදී.

Continue Reading

හෘද රෝග ප්‍රතිකාර සඳහා නවීන හෘද කැතීටකරණ යන්ත්‍ර (Cath lab) 16 ක් රජයේ රෝහල් පද්ධතියට

හෘද රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ දියුණුවේ ප්‍රමුඛ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම වර්ෂය තුළ (2026) දිවයිනම ආවරණය වන පරිදි මෙරට ප්‍රධාන රෝහල් රැසක අතිනවීන තාක්ෂණයෙන් යුත් හෘද කැතීටකරණ යන්ත්‍ර 16 ක් (Cath lab – Cardiac Catheterization Laboratory) ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි එම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.

Continue Reading