රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ කොළඹ වෛද්‍ය පීඨයේ නිරීක්ෂණයක

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම ඊයේ  (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරින් හමුවීමෙන් පසු කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ විශේෂ නිරීක්ෂණයක නිරත විය.

Continue Reading

ආබාධ සහිත දරුවන්ට වෙන්වු “අයති” ජාතික මධ්‍යස්ථානය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත දරුවන් සඳහා වෙන් වු ප්‍රථම ජාතික මධ්‍යස්ථානය ලෙස හදුන්වන රාගම “අයති” ජාතික මධ්‍යස්ථානය (Ayati National Centre for Children with Disabilities) පසුගියදා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

Continue Reading

රුමේනියාව පෙන්වා කෝටි ගණනක් වංචාකළ හිටපු මන්ත්‍රි ඇතුළට

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචාකළ හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් මැයි මස 01 දින අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නැංවීමට රුසියාවෙන් පූර්ණ සහාය

සෞඛ්‍ය සේවාව AI තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණයෙන් බලගැන්වීමට සහ මෙරට වෛද්‍යවරුන්ට ඉහළ වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට රුසියාවේ මිත්‍රත්වයේ දෑත් දිගු වේ.

Continue Reading

ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කම්කරු රැලිය 66 වන වරටත්

1960 ආරම්භ වූ ක්‍රිස්තියානු කම්කරු සහෝදරත්වයේ මැයි දින සමරු කම්කරු පෙරහැර සහ කම්කරු පූජාව 66 වන වරටත් මෙවර කොල්ලුපිටිය ශාන්ත මයිකල් දේවස්ථානය (පොල්වත්ත පල්ලිය) ආශ්‍රිතව පැවැත් වුණි.

Continue Reading

ථේරවාදි භික්ෂු කතිකාවත නොපමාව නීතිගත කරන්න – ශ්‍රී ලංකාභිමානි කරු ජයසූරිය

ථේරවාදි භික්ෂු කතිකාවත නොපමාව නීතිගත කරමින් විහාර දේවාලගම් පනතට සංශෝධන ගෙන ඒ්මට ද පියවර ගත යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Continue Reading

මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය සවිබල ගැන්වීමේ විශේෂ නිපුණතා සංවර්ධන පුහුණුවක්

සේවා ධාරිතා ඉහළ නැංවීමේ අරමුණින් පවත්වනු ලබන මෙවැනි වැඩමුළු සහ පුහුණු වැඩසටහන් මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියේ ප්‍රධාන අවශ්‍යතාවයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

Continue Reading

සිංගප්පූරු රතු කුරුස ක්‍රියාකාරීන් කොළඹ වැඩසටහන් රැසක

ලංකා රතු කුරුස සමාජයේ  ආරාධනය පරිදි පසුගියදා මෙරටට පැමිණි සිංගප්පූරු රතු කුරුස සමාජයේ ගෝලීය සබඳතා අංශයේ හා තරුණ කටයුතු ප්‍රවර්ධන අංශයේ නියෝජිතයින්  පිරිසක් කොළඹ රතු කුරුස ශාඛාව සමඟ වැඩ සටහන් රැසකට සහභාගී වූ බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පවසයි.

Continue Reading

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස  දිවයිනට පැමිණේ

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු 07 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස (03) දින බණ්ඩාරනායක   ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියහ.

Continue Reading

ඉරාන-ඇමෙරිකා සාකච්ඡා ශක්තිමත් කිරීමට කලාපීය හවුලක් අවශ්‍යයයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉකුත් අප්‍රේල් 07 වන දින කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයට අනුව, ඉරානයට එරෙහි ඇමෙරිකානු හමුදා ප්‍රහාර අත්හිටුවීම සති දෙකකින් නැවත දීර්ඝ කෙරිණ. මීට ඉහතින් ඔහු විසින් පැය 48 ක් ක්‍රියාක්මක කෙරුණු ඇමෙරිකානු හමුදා ප්‍රහාර අත්හිටුවීම, අප්‍රේල් 07 වන දින සවස අවසන් වන්නට තිබූණි. ඒ ගැටුම් විරාමය අවසන් කරන්නේ, සමස්ථ ඉරාන ශිෂ්ඨාචාරයම නැවත එසවිය නොහැකි ලෙස සමතලා …

Continue Reading