පළාත් සභා ක්‍රමයේ ආරම්භය, විකාශනය හා අද තත්ත්වය – සුජීව සෙනරත්

උතුරු නැගෙනහිර දෙමළ කැරළිකරුවන් විසින් වෙනම රාජ්‍යයක් සඳහා ආරම්භ කරන ලද සන්නද්ධ අරගලය නිමා කිරීම සඳහා 1987 වසරේ ජූලි 29 වැනිදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා  සහ රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම මගින් පළාත් සභා ක්‍රමයට මඟ පැදීමට හේතු විය. ඒ අනුව 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, බලය විමධ්‍යගත කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස …

Continue Reading

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාව සාර්ථක වෙයිද?

හැඳින්වීම ‘විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාව යතාර්ථයක් කළ හැකිද?’ යන මාතෘකාව දීර්ඝ කාලයක් තිස්සේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, දේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම් අතර සංවාදයට ලක් වූවකි. විශේෂයෙන්ම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ මැතිවරණ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන සංවිධාන සියල්ලම පාහේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම යෝජනා කළේය.

Continue Reading

දුස් තොරතුරු පතුරවමින් හා චේතනාන්විතව මගහැරීම් කරමින් අනාථ කර ඇති රටේ ප්‍රජාතන්ත්‍රවාදය – සුනිල් ජයසේකර

සෑම පළාතකටම අදාළව පළාත් සභා ස්ථාපිත කරමින්  මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට හැකි වන පරිදි වරින් වර මැතිවරණ පැවැත්වීම අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබේ. අතීතයේ අවස්ථා ගණනාවක් සැලකිල්ලට ගතහොත් බිහිසුණු යුද ගැටුම් මැද හා වෙනත් ආකාරයේ අතිශය දුෂ්කර වාතාවරණයන් තුළ පවා ශ්‍රී ලංකාව තුළ පළාත් සභා මැතිවරණ පවත්වා තිබේ.

Continue Reading

ශ්‍රී ලංකාවේ ද ඇතුළුව, හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ – ලයනල් බෝපගේ (දෙවන කොටස)

ප්‍රතිසංස්කරණ සහ විශ්වාසනීයත්වය, හා විනිවිද බව ගොඩනැගීම මෙම ලිපියේ පළමු කොටසෙන් ගැට‍ළුව හඳුනා ගත්තේ නම්, දෙවන කොටස විසඳුම් සලකා බලයි. ශ්‍රී ලංකාවට, තීරණ ගැනීම ශක්තිමත් කර, විශ්වාසය යළි ගොඩ නඟා, විශ්වාසනීයත්වය (integrity) සහ වග වීම මුල් කර ගත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කල හැක්කේ කෙසේද? ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර යන දෙආකාර අත්දැකීම් වලින් – විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ විකාශනය වන විශ්වාසනීයත්ව රාමුවෙන් (Integrity …

Continue Reading

ඉදිරි මැතිවරණවලදී අභියෝගයක් වන කෘතිම බුද්ධිය 

ගත වූ වසරකට අඩු කාලයක් තුළදී ශ්‍රී ලංකාවේ ජාතික මැතිවරණ තුනක් හරහා වැදගත් දේශපාලන පරිවර්තනයක් අත්විඳුනු ලැබුවේ දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකක් අතර දෝලනය වූ ජන බලය එතෙක් තුන්වෙනි බලවේගයක් ලෙස පමණක් මෙරට ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගය වෙත පාර්ලිමේන්තුවේ අති බහුතරයක් සහිතව හිමිකර දෙමිනි. 

Continue Reading

පළාත් පාලන මැතිවරණයෙන් හැමෝම පරාදයි, ඒත්…

දීර්ඝකාලීන වශයෙන් ගත් විට, ආණ්ඩුව දැනට කරමින් සිටින වැදගත්ම කාර්යය වශයෙන් පෙනෙන්ට තිබෙන්නේ මිථ්‍යාහරණයයි. එනම්, මෙතෙක් කල් සමාජය වැලඳගෙන සිටි විවිධ මිථ්‍යාවන් එකින් එක නිරුවත් කිරීමට විවිධාකාරයෙන් පිටුබලය සැපයීමයි. ඒ කෙතෙක්ද යත්, පුද්ගලයන් වෙනස් කිරීම වෙනුවට ක්‍රමය වෙනස් කිරීම තත්කාලීනව වැදගත් වන්නේය යන සැබෑව පවා, බොරුවක් සහ හුදු හීනයක් පමණක්ම විය හැකි බව, ඉදිරි කාලයේදී නිරාවරණය වීමට ඉඩ ඇතැයි දැන් …

Continue Reading

මැතිවරණ වලදී ව්‍යාජ තොරතුරු භාවිතය ; ඊයේ අද සහ හෙට – සී. දොඩවත්ත

මැතිවරණ වලදී ව්යාජ තොරතුරු භාවිතයේ “ඊයේ දවස”කෙරෙහි අවධානය යොමු කරන විට නිතැතින්ම මෙරට මැතිවරණ ව්යාපාරයේ ඉතිහාසය වෙත යොමුවීමට සිදුවේ. යටත් විජිත යුගය දක්වා දිවෙන එම ඉතිහාසය මුල් වරට කොළඹ මහ නගර සභා  මැතිවරණය පැවැත්වූ 1850 වසර දක්වා දිවයයි. මධ්යම ආණ්ඩුවට මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු පත්කර ගැනීමට 1910 වර්ෂයේ ගෙන ආ ව්යවස්ථා ප්රතිසංස්කරණ මගින් ඉඩ සැලසුන ද එය සීමිත බලයක් විය. …

Continue Reading

සභිකයකු, මන්ත්‍රීවරයයකු හෝ ජනාධිපති ලෙස තේරී පත්වීමට ඡන්ද හිමි නාමලේඛනයේ නම තිබිය යුතුද?

– ලසන්ත රුහුණුගේ පළාත් පාලන ආයතනයක සභික ධුරයට පත්වීමට, පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට හෝ රටේ ජනාධිපතිවරයා ලෙස පත්වීමට ඔහුගේ හෝ ඇයගේ නම එම ඡන්ද විමසීමට අදාළ ඡන්ද හිමි නාමලේඛනයේ තිබිය යුතුද? එසේ ඡන්ද හිමි නාමලේඛනයේ ඔහුගේ හෝ ඇයගේ නම නැත්නම් ජනතාව විසින් තෝරාපත් කළත් ඔහුගේ හෝ ඇයගේ සභිකත්වය, මන්ත්‍රී ධුරය හෝ ජනාධිපති ධුරය අහිමි වන්නේද?

Continue Reading

මැතිවරණ සුපිලිපන් බවට අභියෝගයක් වූ දුස් තොරතුරු

වසර 2018 පසු පැවැත්වෙන පළමු පළාත් පාලන මැතිවරණයේදී මිලියන 17කට වැඩි ඡන්දදායකයන් පිරිසක් සභිකයන් 8771 ක් තෝරා පත් කර ගැනීම සඳහා සුදුසුකම් ලබා සිටින අතර මෙවර මැතිවරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම පාර්ලිමේන්තුවේ අති බහුතරයකින් සමන්විත ජාතික ජන බලවේග ආණ්ඩුවටද තීරණාත්මක හා ඔවුන් මුහුණ දෙන පළමු මහජන පරීක්ෂාවද වනු ඇත. (මෑතකදී මැතිවරණය පැවැත්වුණු ඇල්පිටිය පළාත් පාලන ආයතනය සහ කල්මුණේ …

Continue Reading