අවුරුදු 20කින් ලෝකය දිනූ Loadstar කෘතිය අමාත්‍ය විජිත හේරත්ට පිරිනමයි
- Editor
- April 9, 2026
- ආයෝජන, ව්‍යාපාරික පුවත්
- 0 Comments
ලෝකයේ ඝණ ටයර් (Solid Tire) නිෂ්පාදනයේ පළමු ස්ථානය දිනා ගත් Loadstar සමාගම සිය සාර්ථකත්වය පිළිබඳව සකස් කළ Loadstar Management Methodology 1984 – 2011 කෘතිය අද (06) අමාත්‍ය විජිත හේරත් මහතාට පිරිනැමීය.
ආචාර්ය තිස්ස ජිනසේන මහතාගේ නායකත්වයෙන් 1984 වසරේ බෙල්ජියම් ජාතික Pierre Pringers මහතා සමග ආරම්භ කළ Loadstar සමාගම සාර්ථකත්වය කරා මෙහෙය වූ ආකාරය මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡා කරයි.
තරුණ නැගිටීම් සහ යුද්ධ පැවැති කාලය තුළ පවා ආයතනය සාර්ථකව කලමණාකරනය කරමින් ලෝක වෙළඳපලෙහි 25%ක කොටසක් ආවරණය කිරීමට කටයුතු කළ අන්දම පිළිබඳවත්, නව නිෂ්පාදන ක්‍රමවේද පිළිබඳවත් මෙම කෘතිය සාකච්ඡා කරයි.
මෙම කෘතිය සම්පාදනය කරනු ලැබුවේ ජනත් නන්දසිරි මහතා වන අතර ආචාර්ය තිස්ස ජිනසේන මහතා අතින් අමාත්‍ය විජිත හේරත් මහතා වෙති පිරිනමනු ලැබීය.

