ශ්‍රී ලංකාවේ මෙතෙක් විශාලතම (B2B) ප්‍රදර්ශන මණ්ඩපය 2026 ඩුබායි Gulfood ජාත්‍යන්තර ප්‍රදර්ශනයට

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026 ජනවාරි 26-30 දිනයන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වීමට නියමිත Gulfood ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේදී ලංකාවෙන් ප්‍රදර්ශනය කරන මෙතෙක් විශාලතම (B2B) ප්‍රදර්ශන මණ්ඩපය සංවිධානය කිරීමට සූදානමින් සිටී.

Continue Reading

2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 14.4 ඉක්මවයි

2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයනය 6.0% ක සැලකිය යුතු වර්ධනයක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරයි. මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 14,433.82 කි. එය 2024 වසරේ එම කාලයට වඩා සාපේක්ෂ වර්ධනයක් පෙන්වන අතර වසරක …

Continue Reading

චීන නියෝජිත පිරිසක් වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට

චීනයේ ගුවැන්ඩොං පළාත කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් පිරිසක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු ඉහළ කළමණාකාරිත්වය සමඟ සාකච්ඡාවක් පසුගියදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්වීය.

Continue Reading

ඉන්දියානු ආයෝජකයින්ට, චිත්‍රපටි නිෂ්පාදනයට හා සංචාරක ව්‍යාපෘතිවලට අයෝජන කරන ලෙස අමාත්‍ය විජිත හේරත්ගෙන් ඉල්ලීමක්

ඉන්දියානු ආයෝජකයන්ට සහ චිත්‍රපටි නිෂ්පාදකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපෘති ආරම්භ කිරීමට සහ චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට පැමිණෙන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ආරාධනා කළේ ය. ඒ ඉන්දියානු මහකොමසාරිස් කාර්‍යාලය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක සබඳතා ශක්තිමත් කිරීම උදෙසා සංවිධානත්වය කර තිබූ (19) දින වැඩසටහනේ ආරම්භ දේශනය සිදු කරමිනි.

Continue Reading

ශ්‍රී ලංකාවේ සාධාරණ වෙළඳ නිෂ්පාදන මිලදී ගැනීමට යුරෝපීය සංගමයේ වෙළඳ දූත පිරිසක් මෙරට සංචාරයක

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සාධාරණ වෙළඳ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව සහ යුරෝපීය සංගමය අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් 2025 නොවැම්බර් 17 සිට 22 දක්වා යුරෝපීය සංගමයේ සාධාරණ වෙළඳ නිෂ්පාදන ආනයනකරුවන් සහ නියෝජිතයින් 12 දෙනෙකුගෙන් සමන්විත  වෙළඳ දූත පිරිසකගේ හමුවක් සාර්ථකව සංවිධානය කරන ලදී.

Continue Reading

රාජ්‍ය ඔසුසලක් මඩකලපුවට  

ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරිව  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC)  රාජ්‍ය ඔසුසල – මඩකලපුව  ශාඛාව එළඹෙන ඔක්තෝබර් 31 දින ජනතාව වෙනුවෙන් විවෘත කෙරේ.

Continue Reading

ජනාධිපති අපනයන සම්මාන උළෙල ‌දෙසැම්බර් 11 වනදා BMICH හිදී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 දෙසැම්බර් මස 11 වැනි දා (බ්‍රහස්පතින්දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

Continue Reading

“VOYAGE SRI LANKA 2025” සමුද්‍රීය සමුළුව කොළඹදී සාර්ථකව අවසන් කරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් දෙවන වරට පවත්වනු ලබන සමුද්‍රීය සමුළුව “VOYAGE SRI LANKA 2025”, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ සහභාගිත්වයෙන් 2025 ඔක්තෝබර් 16 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී.

Continue Reading

වයඹ හා උතුරු මැද පළාත් අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුව කුරුණෑගලදී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් වයඹ හා උතුරු මැද පළාත් අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (03) දින කුරුණෑගල කැන්ඩියන් රිච් හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී.

Continue Reading

හේමාස් සමාගම රුපියල් බිලියන 10 ක ප්‍රාග්ධන වියදමක‍ින් සිය නවීනතම රෝහලකට මුල්ගල තබයි

මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා කැපවෙමින්  හේමාස් සමාගම තලවතුගොඩදී සිය නවීනතම අංගසම්පූර්ණ තෘතීයික සත්කාර පහසුකම් සහිත රෝහල ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Continue Reading