2025 වසරේ දී ශ්‍රී ලංකාවේ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 17.2 ඉක්මවයි

2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත්ව සිය වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, එය 5.6% ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව සහ අපනයන සංඛ්‍යා ලේඛන මත පදනම්ව ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛණිජ තෙල් නිශ්පාදන එක්ව මුළු අපනයන ආදායම ඩොලර් මිලියන 17,252.15 ක් විය. එය තිරසාර වර්ධනයක් සහ වැඩි දියුණු වන බාහිර වෙළඳ …

Continue Reading

රේන්බෝ අයිතිකරු යළිත් රිමාන්ඩ්

බිරිඳ තවදුරටත් අධිකරණය මග හරිමින් සිටියි… රුමේනියාවේ විදේශ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 900 කට අධික මුදලක් හෙවත් රුපියල් කෝටි 90 කට අධික මුදලක් වංචා කළ බවට සැකකරන රේන්බෝ මෑන් පවර් ආයතනයේ හිමිකරු යළිත් වරක් ජනවාරි 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී. ඒ ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ දින …

Continue Reading

කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්

දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ රැදී සිටින ශ්‍රමිකයින්ට සහනයක් ලබාදෙමින් දෙවන වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචිවීමේදී මෙතෙක් අනිවාර්ය කර තිබූ දෙවන වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් (HRDK) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දැනුම් දී තිබේ.

Continue Reading

ඊශ්‍රායල් ප්‍රායෝගික පරීක්ෂණ නියෝජ්‍ය ඇමතිගේ නිරීක්ෂණයට

ඊශ්‍රායලයේ ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදුකරන අවසන් ප්‍රායෝගික පරීක්ෂණ ජනවාරි මස 05 දින මොරටුව, කටුබැද්ද NAITA ආයතනයේදී  ආරම්භ වූ අතර, සිව් දිනක් පුරා පැවති පරීක්ෂණවල අවසන් දිනය වූ(2026.01.08)  දින පරීක්ෂණ කටයුතු සිදුකරන අයුරු විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් නිරීක්ෂණය කරන ලදී.

Continue Reading

Sri Lanka Expo 2026 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකාවේ අපනයන හැකියාවන් සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “Sri Lanka Expo 2026″ නමින් ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් දියත් කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අද ( ජනවාරි 9 ) නිල වශයෙන් දැනුම් දෙන ලදී. ප්‍රදර්ශනයට අදාළ නිල වෙබ් අඩවිය වන www.srilankaexpo.lk දියත් කිරීමද මෙහිදී සිදු කළ අතර දේශීය ප්‍රදර්ශකයින් සහ විදේශීය ගැනුම්කරුවන්ට අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමට පහසුකම් සලසා ඇත.

Continue Reading

බුද්ධිමත් ව්‍යවසායකයින් පවා නිරන්තරයෙන් කරන ඉහළම වැරදි 5 කුමක්දැයි ඔබ දැන සිටියාද ?

වඩාත්ම පළපුරුදු ව්‍යවසායකයින් පවා මෙම උගුල්වලට හසු වේ. ඒ ඔවුන් බුද්ධිමත් නොවන නිසා නොව, බුද්ධිය පමණක් ඔබව එකම මිල අධික වැරදි කිරීමෙන් බේරා නොගන්නා බැවිනි.

Continue Reading

අවම පොළිය 5%ක් වූ රුපියල් බිලියන 95ක් කර්මාන්තකරණයට විවෘත කරයි – සියලු විස්තර මෙන්න

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට 5%ක් වැනි අවම පොළියට රුපියල් බිලියන 95ක් කර්මාන්තකරණයට විවෘත කර තිබෙන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

Continue Reading

රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා යොදාගෙන දැවැන්ත විදේශ රැකියා වංචාවක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය මගින් 2026 නව වසරේ මුල් සතිය තුළදී ක්‍රියාත්මක කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස විදේශ රැකියා වංචාකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

ජාත්‍යන්තර වෙළඳපොළ සාර්ථක වීමට අවශ්‍ය දැනුම හා සබඳතා පිළිබඳ ව්‍යවසායකයන් සවිබල ගන්වයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් නව හා අනාගත අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපොළ සාර්ථක වීමට අවශ්‍ය දැනුම හා සබඳතා ලබා දීම අරමුණු කරගනිමින් ජාලකරණ සැසියක්  (Networking Session) පසුගියදා කොළඹ පිහිටි එම ආයතනයේ දී පවත්වන ලදී.

Continue Reading

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ නව සභාපතිවරයා ජොන්සන් ඇන්තනී ප්‍රනාන්දු

දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ කලාපයේ ජ්‍යෙෂ්ඨ නායකත්ව අත්දැකීම් ඇති දෙස් විදෙස් කීර්තිමත් ව්‍යාපාරිකයකු වන ජොන්සන් ඇන්තනී ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ (ICC – Sri Lanka ) සභාපති පසුගියදා (11) තේරී පත්විය.

Continue Reading