ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරමින් වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදයක්

ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලම් මහතාගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරයට සමගාමීව, ශ්‍රී ලංකා – වියට්නාම වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදය 2026 මැයි 8 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී. වියට්නාම වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (VCCI) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් මෙම සංසදය ඒකාබද්ධව සංවිධානය කරන ලදී.

Continue Reading

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සමාලෝචනයා සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ සංචාරයක

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) එක්ව 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමේ කටයුතු සාර්ථකව සිදු කරමින් පවතී. රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ජාතික දැක්මට අනුකූලව, අපනයන මත පදනම් වූ තිරසාර ආර්ථික වර්ධනයක් කරා ශ්‍රී ලංකාව යොමු කිරීම මෙම උපායමාර්ගික වැඩපිළිවෙළේ අරමුණයි.

Continue Reading

චෙන්නායිහි ප්‍රථම වරට පවත්වන ලද ශ්‍රී ලංකා ආහාර උළෙලට දකුණු ඉන්දීය නළුනිලියන් රැසක් සහභාගී වෙයි

චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් අප්‍රේල් 24 සිට 26 දක්වා චෙන්නායි හි ග්‍රීන් මෙඩෝස් රිසෝට් (Green Meadows Resort) හිදී ප්‍රථම වරට “ශ්‍රී ලංකා ආහාර උළෙල 2026” සාර්ථකව පවත්වන ලදී. දින තුනක් පුරා පැවති මෙම උළෙල සඳහා 700කට අධික පිරිසක් සහභාගී වීම විශේෂත්වයකි. දකුණු ඉන්දීය සිනමා නළු නිළියන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ව්‍යාපාරික නායකයින්, සංචාරක සංගම්වල සාමාජිකයින්, රොටරි සමාජ සහ …

Continue Reading

නයින්වෙල්ස් රෝහල නව වෛද්‍ය සහ ශල්‍ය සත්කාර වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කරයි

නයින්වෙල්ස් (Ninewells) රෝහලේ වෛද්‍ය සහ ශල්‍ය සත්කාර වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීම  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (10) එම රෝහල් පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

Continue Reading

අවුරුදු 20කින් ලෝකය දිනූ Loadstar කෘතිය අමාත්‍ය විජිත හේරත්ට පිරිනමයි

ලෝකයේ ඝණ ටයර් (Solid Tire) නිෂ්පාදනයේ පළමු ස්ථානය දිනා ගත් Loadstar සමාගම සිය සාර්ථකත්වය පිළිබඳව සකස් කළ Loadstar Management Methodology 1984 – 2011  කෘතිය අද (06) අමාත්‍ය විජිත හේරත් මහතාට පිරිනැමීය.

Continue Reading

අපනයන ක්ෂේත්‍රයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා ඉන්ධන සැපයුම තහවුරු කිරීමට EDB සහ CPC අතර විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපාන ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය සහ එහි පවතින ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පවත්වා ඇත.

Continue Reading

රටවල් 39කට නොමිලේ සංචාරක වීසා පහසුකම්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රටවල් 39ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

Continue Reading

අබලි ලෝහ අපනයනය තහනම්

දේශීය නිෂ්පාදන කර්මාන්තයන්ට අගතියක් වන පරිදි සිදු කරනු ලබන අබලි ලෝහ අපනයනය වැළැක්වීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

Continue Reading

විදේශිකයින්ට ගාස්තු අය නොකරම වීසා කාලය දිර්ඝ කරයි

මැදපෙරදිග හරහා සිදු කරන ගුවන් ගමන් අවලංගු කිරීමෙන් බලපෑමට ලක්වූ විදේශිකයින් සඳහා ගාස්තු අය නොකිරීමේ පදනම මත වීසා වලංගු කාලසීමාව දීර්ඝ කිරීම කැබිනට් අනුමැතිව හිමිව ඇත.

Continue Reading

ශ්‍රී ලංකාව සහ නේපාල රජය අතර විසා ගිවිසුමකට කැබිනට් අනුමැතිය

රාජ්‍යතාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ නේපාල රජය අතර ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Continue Reading