මිලියන තුනක සංචාරක ඉලක්කය සිහිනයක් ද? – සේන සූරියප්පෙරුම

සංචාරක කර්මාන්තයට ශ්‍රී ලංකා රජය සෘජුවම සහභාගී නොවූව ද සංචාරක කර්මාන්තයෙන් බදු එකතු කිරීම, අධීක්ෂණය සහ නියාමනය සිදුවන්නේ සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කිහිපයක් ඔස්සේ ය.

Continue Reading

කොරියානු භාෂා පරීක්ෂණයට නවීන විභාග මධ්‍යස්ථානයක්

දකුණු කොරියාවේ රැකියා සදහා අවශ්‍ය භාෂා ප්‍රවිනතාවය උදෙසා, ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරමින් පවත්වන විභාග සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානය (Korean Language Examination Center Ubiquitous-based Test (UBT) ) අද දින (10/22) විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්, 553/1, නව නුවර පාර, තලාහේන (සම්පත් බැංකුව අසල) යන ස්ථානයේදී විවෘත කරන ලදී.    

Continue Reading

ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 තුන්වන කාර්තුව වන විට ඩොලර් බිලියන 13 කට ආසන්න ආදායමක්

ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ ස්ථාවරත්වය සහ ක්‍රමවත් වර්ධනයක් දිගටම පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 12,986.52ක සමස්ත ආදායමක් වාර්තා කරන ලදී. මෙය 2024 අදාල කාලය හා සසඳන විට 7% වැඩිවීමකි.

Continue Reading

ක්‍රීඩා සංචාරකයන් ඇදගන්න රජයෙන් ක්‍රමෝපායික සැලැස්මක්

ක්‍රීඩා සංචාරකත්වය දියුණු කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය විජිත හේරත් මහතා අද (16) උපදෙස් දුන්නේ ය. ඒ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා සම්මේලන කිහිපයක නියෝජිතයන් ඇතුළු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ දී පැවැති විශේෂ රැස්වීමක දී ය.

Continue Reading

“VOYAGE SRI LANKA 2025” සමුද්‍රීය සමුළුව කොළඹදී සාර්ථකව අවසන් කරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් දෙවන වරට පවත්වනු ලබන සමුද්‍රීය සමුළුව “VOYAGE SRI LANKA 2025”, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ සහභාගිත්වයෙන් 2025 ඔක්තෝබර් 16 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී.

Continue Reading

ජපානයේ සවරා ලංකාජී විහාරයේ කඨින  පුණ්‍ය මහෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත් වේ

හතළිස් දෙවැනි වරටත් සංවිධානය කරන ලද ජපානයේ  ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වූ සවරා ලංකාජී විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය පසුගියදා, ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජපානයේ  ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත් වුණි.

Continue Reading

දකුණු කොරියාවේ රැකියා සඳහා ගිය පිරිස 3000 ඉක්මවයි

මේ වසරේ ඔක්තෝම්බර් මාසය අවසානය වන විට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය 3000 ඉක්මවන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Continue Reading

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ලියාපදිංචිය ඇරඹයි

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම් ලත් ශ්‍රමිකයින් ලියාපදිංචි කරගැනීම සඳහා අමතර දින දෙකක් ලබාදීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.

Continue Reading

වයඹ හා උතුරු මැද පළාත් අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුව කුරුණෑගලදී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් වයඹ හා උතුරු මැද පළාත් අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (03) දින කුරුණෑගල කැන්ඩියන් රිච් හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී.

Continue Reading

හේමාස් සමාගම රුපියල් බිලියන 10 ක ප්‍රාග්ධන වියදමක‍ින් සිය නවීනතම රෝහලකට මුල්ගල තබයි

මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා කැපවෙමින්  හේමාස් සමාගම තලවතුගොඩදී සිය නවීනතම අංගසම්පූර්ණ තෘතීයික සත්කාර පහසුකම් සහිත රෝහල ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Continue Reading