ලාංකීය ගීත ක්ෂේත්‍රයේ නොමියෙන දෝංකාරය; විශාරද ආචාර්ය නන්දා මාලිනීය වෙත උපහාරයක්

ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ හා වඩාත් ගෞරවනීය ගායිකාවක් වන සංගීත විශාරද ආචාර්ය නන්දා මාලිනී – ශ්‍රී ලාංකේය ගීත කලාවේ සමස්ත යුගයක් සනිටුහන් කළ සහ “ජාතියේ ස්වර්ණමය හඬ” ලෙස ගෞරවයට පාත්‍ර වූ කලාකාරිනිය – ඇගේ 83 වන උපන්දිනයට දින තුනකට පෙර ජීවිත ගමනට සමු දුන්නාය. දශක හතකට ආසන්න කාලයක් ඇය තම හඬින් මේ රටේ ජනතාවගේ හදවත් පෝෂණය කළ අතර, ඇගේ අභාවය …

Continue Reading

වෘත්තීය සමිති ඉතිහාසයට නව පිටුවක් – UPTO නිලවරණය online මගින්

තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ (UPTO) නිලවරණය 2026 අගෝස්තු මස 23 දින පැවැත්වීමට සුදානම් කර ඇති බව එහි ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දරගෙන් කළ විමසීමකදී පවසා සිටියේය.

Continue Reading

තමන්ගේම නඩුව අසන තැනට ශ්‍රේෂ්ඨාධිකරණය පත් නොකර සිටීම නීති සම්පාදකයන්ගේ වගකීමයි – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

ඉහළ අධිකරණයන්හි  ගරු විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම මගින් රටේ කීර්ති නාමයට විශාල හානියක් සිදුවිය හැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Continue Reading

 CaFFE, සජිත් සමග මැතිවරණ ක්‍රම සංශෝධන ගැන අදහස් හුවමාරුවක

මැතිවරණ ක්‍රම සංශෝධනය පිළිබඳව අදහස් ලබා ගැනීම සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ වල මත විමසීම සදහා කැෆේ සංවිධානය (CaFFE) විසින් දේශපාලන පක්ෂ නායකවරුන් ලේකම්වරුන් හමුවීමේ වැඩපිළිවෙළෙහි එක් අදියරක් ලෙසින් විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡාවක් පසුගියදා කොළඹ විපක්ෂ නායක කාර්‍යාලයේදී පැවැත්වින.

Continue Reading

EDB කාන්තා ව්‍යවසායිකාවන්ගේ  අපනයන අලෙවිකරණය සඳහා ඩිජිටල් අත්වැලක්

SheTrades ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ සත්කාරක ආයතනය වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), අපනයන අභිමුඛ කාන්තා ව්‍යවසායිකාවන් ඉලක්ක කර ගනිමින් “අපනයන අලෙවිකරණය සඳහා සමාජ මාධ්‍ය භාවිතය” පිළිබඳ එක්දින දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. ඩිජිටල් අලෙවිකරණය සහ සබැඳි ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ ප්‍රායෝගික විශේෂඥ දැනුම බෙදාගත් Foundation.lk ආයතනය මෙහි දැනුම හවුල්කරුවෙකු ලෙස සහයෝගය ලබා දුන්නේය.

Continue Reading
Kite-injuries

සරුංගල් යැවීමේ දී සිදුවන  අනතුරු බහුලව වාර්තා වේ – දරුවන්ගේ ආරක්ෂාව පිළිබද විශේෂ අවධානය යොමු කරන්න

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා  මහජනතාවගෙන්  ඉල්ලා සිටී. පවතින වියළි කාලගුණික තත්ත්වය සහ පාසල් නිවාඩු සමය හේතුවෙන් මේ දිනවල දරුවන් අතර සරුංගල් යැවීම ජනප්‍රිය විනෝදාංශයක් බවට පත්ව ඇති අතර ඒ හේතුවෙන් එම ක්‍රියාකාරකම් ආශ්‍රිතව සිදුවන හදිසි  අනතුරුද බහුලව වාර්තාවන බැවින්, සරුංගල් යැවීමේදී නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ, විශේෂඥ …

Continue Reading
Grand-Hyatt-Colombo

ග්‍රෑන්ඩ් හයට් හිමිකාරීත්වය පෞද්ගලීකරණයට: සමාගම් 5ක් අවසන් වටයේ තරගයට

යෝජනා කැඳවීමේ (RFP) දෙවන අදියර සඳහා දේශීය හා ඉන්දීය ප්‍රමුඛ සමාගම් සුදුසුකම් ලබයි ව්‍යාපෘතිය අවසන් කිරීමට තවත් ඩොලර් මිලියන 120ක් අවශ්‍ය බවට තක්සේරුවක්

Continue Reading

සාංචි හි බෞද්ධ උරුම සහ ගෘහ නිර්මාණ ශිල්පයෙන් බ්‍රික්ස් නියෝජිතයෝ මවිතයට පත් වෙයි

ක්‍රි.පූ තුන්වන සියවසේ අශෝක අධිරාජයා ඉදිකළ වර්තමාන යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සාංචි පුදබිමට පසුගියදා (08) පැමිණි (BRICKS) බ්‍රික්ස් රටවල නියෝජිතයෝ එහි පොහොසත් බෞද්ධ උරුමයන්,ඓතිහාසික කතාන්දරයන් ගෙන් සහ ගෘහ නිර්මාණ ශිල්පයෙන් මවිතයට පත් වෙති.

Continue Reading

යුක්තිය පසඳලීමට අපරාධය දඬුවමක් කරගැනීම – ජයශ්‍රී ප්‍රියලාල්

සමාජ සාධාරණත්වය සමබර කරගෙන පවත්වාගෙන යාමට යුක්තිය ඉටුකරගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව පවත්වාගෙන යාම පාලකයින්ගේ මූලික වගකීමක් යන්න අමුතුවෙන් සටහන් කලයුතු නොවේ. පොදුජනතාවට හිමි යුක්තිය ඉෂ්ට කරගැනීම උදෙසා ඇති අභියෝග සහ අධිකරණ පද්ධතිය මත පැටවී ඇති වගකීම පිලිබද සංඛ්‍යා ලේඛන සහ දත්ත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා දත්ත සංඛ්‍යා ලේඛණ මගින් පෙන්වා දී ඇත.

Continue Reading

එල්ලුම් ගහ පිළිතුර නොවේ: ශ්‍රී ලංකාව මරණ දණ්ඩනය නැවත පණ නොගැන්විය යුත්තේ ඇයි? – ලයනල් බෝපගේ

නැවත වරක්, එල්ලුම්කරුවාගේ අවතාරය ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති කතිකාව බවට පත්ව තිබේ. 2026 අගෝස්තු 10 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී, රට තුළ නැඹුරු වෙමින් පවතින මත්ද්‍රව්‍ය අර්බුදයට දැක්විය හැකි ප්‍රතිචාරයක් ලෙස, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා මරණ දණ්ඩනය පැනවීම මතු කර ඇත. අවසන් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශකවරයා ඉන්පසුව පැහැදිලි කර තිබේ. එවැනි කිසියම් තීරණයක් …

Continue Reading