නලින්ද සහ කළිඳු: ආණ්ඩුවේ අලුත් සන්නිවේදන ප්‍රවේශය

විරුද්ධ පක්ෂයේ ඉන්න කාලේ ජවිපෙ ප්‍රමුඛ ජාජබ නායකයින් බොහොම දක්ෂ සන්නිවේදකයින් වෙලා හිටියත්, ආණ්ඩුවට ආවත් එක්කම ඒ සන්නිවේදන හැකියාව අතුරුදහන් වුණ බව ඒ දවස්වලම බොහෝ දෙනා පුද්ගලිකවත්, ප්‍රසිද්ධියේත් පෙන්නල දීපු දෙයක්.

Continue Reading

සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා හා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් අතර විශේෂ හමුවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා අතර විශේෂ හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

Continue Reading

අනාගත ස්වභාවික ආපදාවන් කළමනාකරණයට දීර්ඝ කාලීන සැළසුමක් සකස් කළ යුතුයි – කරු ජයසූරිය

ශ්‍රී ලංකාවට අත්විදීමට සිදු වූ කාලගුණික ආපදාවයන් ද ඇතුළු සුනාමි වැනි විපත් සැළකිල්ලට ගනිමින් ආපදා කළමනාකරණය උදෙසා නිසි සැළසුමක් සහිත දීර්ඝකාලින වැඩසටහනක් සම්පාදනය කරගැනීමේ අවශ්‍යතාවය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරමින් එහි නායක කරු ජයසූරිය මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

Continue Reading

සාංචි මහාබෝධි මහෝත්සවයට රටවල් රැසකින් බෞද්ධයෝ පැමිණෙති

ඉංදියාවේ සාංචි වාර්ෂික සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතු වන්දනා ප්‍රදර්ශනය සහ ඒ වෙනුවෙන් මධ්‍ය ප්‍රදේශ් රජය  සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කරන “සාංචි මහාබෝධි මහෝත්සවය” 73 වන වරටත් මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පසුගිය දා (29/30) පැවැත්වුණි.

Continue Reading

බුදුදහම ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය ගොඩනැගීම විශාල හේතුවක් – චීන තානාපති Qi Zhenhong

ශ්‍රී ලංකාව සහ චීනය අතර සම්බන්ධතාව තව තවත් ශක්තිමත් කිරීමට බුදුදහම විශාල හේතුවක් බවත් මෙම මිත්‍රත්වය ගොඩ නැගීම වෙනුවෙන්  දෙරටේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා විශාල කැපකිරීමක් සිදුකර තිබෙන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති  Qi Zhenhong මහතා පවසයි.

Continue Reading

චීනයේ ප්‍රතිලාභ අපගේ ජනතාවට ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් – අමාත්‍ය විජිත හේරත්

ගෝලීය ආර්ථිකයේ මීලඟ අදියරට චීනය ඔසවා තබන 2026 – 2030 පස් අවුරුදු සැලැස්ම තුළ අපගේ ජනතාවට පැහැදිලි ප්‍රතිලාභයක් ලබාදීමේ පදනම මත චීනය සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා 20 වන චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසියේ ප්‍රතිඵල පිළිබඳ විග්‍රහයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ප්‍රකාශ කරන ලදි.

Continue Reading

වැඩබලන විගණකාධිපති ජී. එච්. ඩී. ධර්මපාල ස්ථිර කරන්න – ජාතික විගණන කාර්යාලයේ වෘත්තීය සමිති එකමුතුව

විගණකාධිපති ධූරයෙහි මාස 07කට අධික කාලයක් වැඩබැලීම සිදුකිරීමේදී තනතුරෙහි කාර්යභාරය නිසිලෙස ඉටුකර ඇති ව්‍යාවස්ථානුකූලව සියලූම සුදුසුකම් හා පරිචයන් සම්පූර්ණ කර සිටින ශ්‍රී ලංකා රාජ්‍ය විගණණ සේවයේ ජ්‍යේෂඨතම නිලධාරියා වන තම වගකීම් සියල්ල නිසිලෙස ඉටුකරමින් වෘත්තීය ප්‍රවීණත්වය තහවුරු කර ඇති ජී. එච්. ඩී. ධර්මපාල මහතා එම තනතුරෙහි පත්කරන ලෙස ජාතික විගණන කාර්යාලයේ වෘත්තීය සමිති එකමුතුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර …

Continue Reading

වින්නඹු කර්මය හා මානසික හෙදකම  විභාගය කල්දමයි

2025.11.30 දින පැවැත්වීමට නියමිතව තිබූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉගැන්වීම සහ අධීක්ෂණය (මාස 12) හා වින්නඹු කර්මය / මානසික හෙදකම (මාස 06) අඩංගු අවුරුදු 01 ½ ක ඩිප්ලෝමා පාඨමාලාව සඳහා පශ්චාද් ප්‍රාථමික හෙද පුහුණුවට බඳවා ගැනීම – 2023 සීමිත ලිඛිත තරඟ විභාගය එදිනට නොපැවැත්වීමට හා අදාළ විභාගය කල්දැමීමට  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් …

Continue Reading

පාර්ලිමේන්තු වරප්‍රසාද පනත මාධ්‍ය මර්දනයේ අවියකි. මහින්ද ඉලේපෙරුම පොලීසියට කැඳවීම වරදකි. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

පසුගිය රාජ්‍ය පාලන සමයන්හිදීද මාධ්‍යවේදීන් බිය ගැන්වීමට සහ මර්දනයට යොදා ගත් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත අහෝසි කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දිගින් දිගටම ඉල්ලා සිටින ලදී. එසේ තිබියදී එවැනි මර්දන නීතිවලට එරෙහිව වීදි බැස සටන් කළ  දේශපාලන ව්‍යාපාරයක් මූලිකත්වය ගෙන කටයුතු කරන වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තු වරප්‍රසාද පනත භාවිතා කරමින් මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙලා දැකිය යුතු තත්ත්වයකි.

Continue Reading

2026 වසරට 5000ක ජපන් රැකියා පුහුණු සංචිතයක් ඇති කිරිමට සැලසුම්

2026 වර්ෂය තුළදී ජපන් භාෂා පුහුණුව සම්පූර්ණ කළ ශ්‍රි ලාංකිකයින් 5000ක ගේ සංචිතයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි. ජපානයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවාගෙන ඇති සමාගම්වල ප්‍රධානීන් පිරිසක් අද දින (11/19) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී එහි ඉහළ කළමනාකාරීත්වය හමුවූ අතර, එහිදී වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය. …

Continue Reading