Gulfood 2026 හරහා ශ්‍රී ලංකාවේ ආහාර සහ පාන වර්ග ලෝක වෙළඳපොළට රැගෙන යාමට අපනයන සංවර්ධන මණ්ඩලයෙන් දැවැන්ත පියවරක්
ලොව විශාලතම සහ කීර්තිමත් ආහාර හා පාන වර්ග ප්‍රදර්ශනයක් වන ‘ගල්ෆුඩ් (Gulfood) 2026’ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (SLEDB) මෙවර ඉතා සුවිශේෂී සූදානමක් සිදුකර ඇත. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සහ සේවාවන් සඳහා ප්‍රමුඛතම අපනයන මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ දැක්ම ඇතිව ක්‍රියා කරන අපනයන සංවර්ධන මණ්ඩලය, වාර්ෂිකව ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන 20කට අධික ප්‍රමාණයක් සංවිධානය කරයි. ඒ අතරින් Anuga (ජර්මනිය), SIAL (ප්‍රංශය) …
Continue Reading
ඩිට්වා සුළි කුණාටුවෙන් පසු හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යකර්ම කටයුතු යළි ඇරඹෙයි
-
Editor
-
January 27, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ ‘ඩිට්වා’ (Cyclone Ditwah) සුළි කුණාටුව හේතුවෙන් හටගත් දැඩි ගංවතුර තත්ත්වය නිසා අඩාල වී තිබූ හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යකර්ම කටයුතු, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහයෝගය ඇතිව සිදුකළ හදිසි ප්‍රතිසංස්කරණවලින් පසු යළි ආරම්භ කර ඇත.
Continue Reading
2025 වසරේ දී ශ්‍රී ලංකාවේ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 17.2 ඉක්මවයි
2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත්ව සිය වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, එය 5.6% ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව සහ අපනයන සංඛ්‍යා ලේඛන මත පදනම්ව ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛණිජ තෙල් නිශ්පාදන එක්ව මුළු අපනයන ආදායම ඩොලර් මිලියන 17,252.15 ක් විය. එය තිරසාර වර්ධනයක් සහ වැඩි දියුණු වන බාහිර වෙළඳ …
Continue Reading
වෙනසක පොරොන්දුව සහ යථාර්ථය – ශේෂ පත්‍රයක්: පරිණාමන ජනවරම – ලයනල් බෝපගේ
පළමුවන කොටස මෙම ලිපිය කොටස් තුනකින් සමන්විත වේ. පළමු කොටස ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේගයේ (NPP) මැතිවරණ වරම, මැතිවරණ පොරොන්දු නොතකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපත්ති නොකඩවා කර ගෙන යෑමේ පරස්පරය, පළමු වසරේ ජයග්‍රහණ සහ අභියෝග, සහ දූෂණ විරෝධී උත්සාහයන්ගේ සංකේතාත්මක හා හරයාත්මක ස්වභාවය කෙරෙහි අවධානය යොමු කරයි. දෙවෙනි කොටස අඛණ්ඩ දරිද්‍රතාවය, දිත්වා සුළි කුණාටුවේ බලපෑම, දේශපාලන බිඳ වැටීම (entropy) …
Continue Reading
රේන්බෝ අයිතිකරු යළිත් රිමාන්ඩ්
-
Editor
-
January 23, 2026
-
පුවත්, සංචාරක සහ චාරිකා
-
0 Comments
බිරිඳ තවදුරටත් අධිකරණය මග හරිමින් සිටියි… රුමේනියාවේ විදේශ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 900 කට අධික මුදලක් හෙවත් රුපියල් කෝටි 90 කට අධික මුදලක් වංචා කළ බවට සැකකරන රේන්බෝ මෑන් පවර් ආයතනයේ හිමිකරු යළිත් වරක් ජනවාරි 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී. ඒ ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ දින …
Continue Reading
සොබා දහමේ යථාර්ථය: අනේ ආපෝ තේජෝ! – ජයශ්‍රී ප්‍රියලාල්
-
Editor
-
January 23, 2026
-
කාලගුණය, දේශපාලන, පුවත්, විශේෂාංග
-
0 Comments
දිට්වා සුළි කුණාටුව සමග ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව ශ්‍රී ලංකාව සහ අග්නිදිග ආසියානු රටවල් වල ජනජීවිත වලට අත්කරදුන් ඉරණම ඛේදනීයය.මිනිසා සහ සියලුම ජීවීන්ගේ පොදු වාසස්ථානය වන පරිසරය රැක ගැනීම අප සියලු දෙනාගේම වගකීමක් මෙන්ම උරුමයක් බව සිහිපත්කරවීමට අදහස් කිහිපයක් පෙලගැස්වීමට මෙම ලිපි රචනාව යොදාගනිමි.
Continue Reading
නෛසර්ගික සාධාරණත්වය හමුවේ පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) යහපත් පූර්වාදර්ශයක්ද?
-
Editor
-
January 23, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
නීතිපතිගේ භූමිකාව හා පිළිතුරු අහිමි විරෝධාභාෂ අදවන විට ශ්‍රී ලංකා ජනරජයේ නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) වටා නිර්මාණය වී ඇති කලිකලහය වරෙක සංවේගජනකය. තවත් වරෙක ඒ.වී. ඩිසේ, ලොන් ෆුලර් වැන්නන් ද සිහිකරවන්නේය. ඔවුන් දෙදෙනා පුරෝගාමිත්වය දරන්නේ නීතියේ ආධිපත්‍යය හා සබැඳි විෂය ක්‍ෂේත්‍රයක් වෙනුවෙනි. මෙය දුහුනන් තම අධ්‍යයන පරාසය තුළ ඉගෙනීම අරඹන්නේ ”Rule of Law vs. Rule by Law” මැයෙනි. සැබවින්ම අද්‍යතන …
Continue Reading
හිටපු පා.මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි නොකරන ලෙස ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් අහිමි කළහොත් එම මන්ත්‍රීවරුන්ට ද එමගින් බලවත් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවනු අතර, විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත ක්‍රියාත්මක කිරීමට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සර්වපාක්ෂික නියෝජිත පිරිසක් හමු වී මේ පිළිබඳව සාකච්ඡා කර මානුෂිකව මෙම ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමුකර විසඳුමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති, ශ්‍රී ලංකා …
Continue Reading
කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ රැදී සිටින ශ්‍රමිකයින්ට සහනයක් ලබාදෙමින් දෙවන වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචිවීමේදී මෙතෙක් අනිවාර්ය කර තිබූ දෙවන වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් (HRDK) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දැනුම් දී තිබේ.
Continue Reading
පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත්
-
Editor
-
January 21, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ උපසභාපති පල්ලේගම විජිත හිමිපාණන් 14 වන වරටත් පවත්වන දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේ සිසු දරුවන්ට,ගුරු හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සහ ආදි ගුරුවරුන්ට ප්‍රසාද තිළිණ ප්‍රදානය කිරීමේ “සත්කාරය” අධ්‍යාපන තිළිණ ප්‍රදානය මෙවරත් ජනවාරි 27 වැනි දින පෙරවරු 9.00 ට පල්ලේගම ද්විතීයික විද්‍යාලයේ දී පැවත් වේ.
Continue Reading